Homeඅප ගැනප‍්‍රධාන ලේකම් තුමාගේ පණිවුඩය

ප‍්‍රධාන ලේකම් තුමාගේ පණිවුඩය

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව1987 අංක 42 දරණ පළාත් සභාපනතින් ස්ථාපනයකර ඇති මධ්‍යම පළාත් සභාව මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන පරිපාලන දිස්ත‍්‍රික්ක තුනෙන් සමන්විත වේ.

පළාත් සභාවට පැවරුණු කාර්යයන් ඉටුකිරීම සඳහා පළාත් අමාත්‍යාංශ පහක් යටතේ දෙපාර්තමේන්තු හා ආයතන විසිනවයක පනස් තුන්දහසකට ආසන්න කාර්ය මණ්ඩලයක් සේවය කරමින් සිටී. අපගේ අරමුණ සහභාගිත්ව සංවර්ධන ප‍්‍රවේශය තුළින් ජනතාවට සමීප ජනතා සේවයක් ඉටුකිරීමයි. මෙම කටයුතු වල දී අතිගරු ජනාධිපතිතුමාගේ "මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්" දැක්ම යටතේ නිරන්තරව කටයුතු කරමින් සිටින අතර "දියුණු හා වගකීම් සහගත රාජ්‍ය අංශයක්" කරා යන ගමනේ අත්වැලක් සැපයීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.

ජනතා හිතෛශී රාජ්‍ය සේවයක් ඇති කිරීමේදී ජනතා අපේක්‍ෂා මෙන්ම ජනතා ගැටළු වලටද ක්‍ෂණික විසදුම් ලබාදීමේ ක‍්‍රමවේදයක් දියත් කිරීමට දැනටමත් කටයුතු කර ඇත. මේ සඳහා පළාත් සභාවේ උපායශීලී සංවර්ධන සැලැස්මට අනුව සියලුම කාර්යයන් සැලසුම් කර තිබේ. මෙම කටයුතු පහසු කරලීම සඳහා අති ගරු ජනාධිපතිතුමාගේ "මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්" වැඩසටහනට අනුගත වෙමින් පළාත තුළ නවීන තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක‍්‍රමවේදයක් ක‍්‍රියාවට නැංවෙන අතර කඩිනමින් පළාත් සභාව තුළ සියලුම පළාත් සභා නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් වන පරිදි තොරතුරු පද්ධතියක් සකස් කෙරෙනු ඇත.

පළාත් සභාව තුළ ක‍්‍රියාත්මක විද්‍යුත් ගිණුම් ක‍්‍රමය නිසා මනා ගිණුම් පද්ධතියක් පවත්වාගෙන යාමට හැකිව තිබේ. නුදුරු අනාගතයේදී විද්‍යුත් පෞද්ගලික ලිපිගොනු ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙමි. මෙයට අමතරව පළාතේ සංවර්ධන කටයුතු සඳහා ද ඉක්මනින් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි පරිගණක වැඩසටහනක් සකස් කර ක‍්‍රියාත්මක කරනු ලැබේ.

තවද පළාතේ සංවර්ධන කටයුතු මෙන්ම පරිපාලනමය කටයුතු සාර්ථක කර ගැනීම සඳහා පළාතේ ගරු ආණ්ඩුකාර ගරු නිලූකා ඒකනායක මැතිණියගෙන් සහ ගරු ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමාගෙන්ද ගරු පළාත් සභා අමාත්‍යතුමන්ලාගෙන් සහ ගරු පළාත් සභා මන්ත‍්‍රිතුමන්ලාගෙන්ද මන්ත‍්‍රීතුමියන්ගෙන්ද නිරන්තරයෙන් ලැබෙන මග පෙන්වීම හා දායකත්වය ඉතා අගය කරමි.

The Chief Secretary of Central Provinceසරත් ප්‍රේමවංශ මයා
මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම්

සැපයුම් කරුවන්ගේ ලේඛනය 2017

supplier register

සැපයුම් කරුවන්ගේ ලේඛනය 2017 Download PDF

මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන

early childhood development programme

ලියාපදිංචි කිරීම සහ ශ්‍රේණිගත කිරීම

ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවකු, නඩත්තු කොන්ත‍්‍රාත්කරුවකු ලෙස ලියාපදිංචි කිරීම සහ ශ්‍රේණිගත කිරීම 2017

Contruction

රාජ්‍ය සේවා කළමනාකරුවන් පිළිබඳ විස්තර (ICT)

මූල්‍ය රීති සංග්‍රහය 2008

විදේශ ශිෂ්‍යත්ව හා විදේශ පුහුණු වැඩසටහන්

scholarship program

Training Programs

Visitors

Today114
Yesterday132
This week492
This month2668
Total60145

Visitor IP : 54.225.43.188 Visitor Info : Unknown - Unknown බ්‍රහස්පතින්දා, මැයි 25 2017 23:51

Who Is Online

Guests : 51 guests online Members : No members online
Powered by CoalaWeb
Joomla templates by Joomlashine