Homeදෙපාර්තමේන්තුපළාත් භාණ්ඩාගාරයමුල්‍ය දෙපාර්තමේන්තුව

මුල්‍ය දෙපාර්තමේන්තුව

The Department of Financeවිශිෂ්ට මූල්‍ය පරිපාලනයක් සහ ස්ථායී පොදු මුදල් හා වත්කම් කළමනාකරණයක් පවත්වාගෙන යාම මූල්‍ය දෙපර්තමේන්තුවේ වගකීම වේ. මූල්‍ය සම්පත් නිසි ලෙස භාවිතා කිරීම, සංවර්ධන මූලෝපායන් ක්‍රියාවට නැංවීම සඳහා අත්‍යවශ්‍ය වේ.

 

 

 

 

 


අරමුණු හා ක‍්‍රියාකාරකම්

1 මුල්‍ය පරිපාලනයේ විශිෂ්ටත්ව මධ්‍යස්ථානය බවට පත්වීම

  • මුල්‍ය නීති, රෙගුලාසි සහ මාර්ගෝපදේශ සකස් කිරීම සහ හඳුන්වා දීම

    • අපේක්‍ෂිත මට්ටම් පවත්වා ගැනීම පිණිස නියාමනය සහ සමාලෝචන කාර්යය සඳහා විගණන සහ කළමනාකරණ කමිටු පිහිටු වීම
    • මුල්‍ය ප‍්‍රතිමානයන් සහ ප‍්‍රමිතීන් සකස් කිරීම, කි‍්‍රයාත්මක කිරීම සහ බලාත්මක කිරීම
    • ඵලදායි සන්නිවේදනය තහවුරු කිරීම
    • නියාමනය සහ සමාලෝචන කාර්යය සඳහා විගණන සහ කළමනාකරණ කමිටු ශක්තිමත් කිරිම
    • ස්වයං ආදායම් යෙදවීම සහ පරිපාලනය වැඩිදියුණු කිරිම පිණිස ක‍්‍රමවේදයන් සකස් කිරීම සහ කි‍්‍රයාත්මක කිරීම
    • අයවැයසාධන වාර්තා සැකසිම සඳහා මාසික ආදායම් වාර්තා පිළියෙල කිරීම
    • ආදායම් විශ්ලේෂණ පුරෝකථන ආකෘතියක් සකස් කිරීම
    • විශේෂිත ආදායම් ඒකක පිහිටුවීම සඳහා දෙපාර්තමේන්තු දිරි ගැන්වීමs

 

  • පිරිවැය ඵලදායි ආකාරයෙන් ආදායම් උත්පාදනය සඳහා උපායමාර්ග සැකසීම

    • ව්‍යාපාර පිරිවැටුම් ප‍්‍රතිශෝධනය කිරීම, නව බදු නීති පැනවීම
    • පළාත් ආදායම් පුරෝකථන ආකෘතියක් සකස් කොට කි‍්‍රයාත්මක කිරිම
    • අදාළ පළාත් දෙපාර්තමේන්තු තුළ කාර්ය මණ්ඩල සහිත විශේෂිත ආදායම් ඒකක පිහිටු වීමs

 

  • දෙපාර්තමේන්තු අතර ව්‍යාපාර සඳහා සහාය වීම

    • පවත්නා පළාත් මුල්‍ය කළමනාකරණ පද්ධති සඳහා සහාය වීම සහ පවත්වා ගෙන යාම
    • නව මුල්‍ය කළමනාකරණ පද්ධතිය කි‍්‍රයාත්මක කිරීම, සමාලෝචනය සහ සැලසුම් කිරීම
    • මුල්‍ය තොරතුරු ලබාදීම ඔස්සේ පළාත තුළ තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය සඳහා සහාය වීමn

 

2 රාජ්‍ය මුල්‍ය සහ වත්කම් කළමනාකරණය ස්ථාවරව පවත්වාගෙන යාම

  • පරිපාටින් සකස් කිරිම, සමාලෝචනය සහ නියාමනය හා ඵලදායි රාජ්‍ය මුල්‍ය සහ වත්කම් භාවිතය තහවුරු කිරීම

    • පළාත් ප‍්‍රසම්පාදන කි‍්‍රයාකාරකම් සඳහා ඒකකයක් පිහිටු වීම
    • ප‍්‍රසම්පාදන සහ උපදේශන සේවා ඒකකයක් පිහිටු වීම
    • පළාත් සැපයුම්කරු දත්ත පාදකයක් සකස් කිරිම
    • ඒකාබද්ධ පළාත් ප‍්‍රසම්පාදන සැලැස්මක් සකස් කිරීම, නියාමනය සහ කි‍්‍රයාත්මක කිරීමට සහාය වීම
    • අක‍්‍රමවත් සහ නිශ්ඵල දෙපාර්තමේන්තු වියදම් ලේඛනගත කිරීමේ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීම
    • අක‍්‍රමවත් නිශ්ඵල සහ අනවසර දෙපාර්තමේන්තු වියදම් පිළිබඳව වාර්තා කිරිම දිරි ගැන්විම
    • දෙපාර්තමේන්තු පිළිබඳව පළාත් විගණන කමිටුව  විසින් ඉදිරිපත් කෙරන නිර්දේශ සහ යෝජනා කි‍්‍රයාත්මක කිරීම සමබන්ධීකරණය කිරිමs

 

  • රාජ්‍ය වත්කම් කළමනාකරණය සඳහා සහාය ලබා දීම

    • විධිමත් කළමනාකරණයක් සඳහා නව මාර්ගෝපදේශ සකස් කිරිම
    • පවත්නා අදාළ මුල්‍ය ව්‍යවස්ථා සහ රෙගුලාසිවලට අනුකූලතාව තහවුරු කිරීම
    • අදාළ ව්‍යාවස්ථා සහ වත්කම් කළමනාකරණ මාර්ගෝපදේශ අනුව දෙපාර්තමේන්තු වත්කම් ලේඛනගත කරමින් පවත්වාගෙන යාම
    • දෙපාර්තමේන්තුවලට අදාළ නියම කිරීම පිණිස අනුකූලතාවේ ආරම්භක මට්ටමක් ස්ථාපනය කිරිම
    • වත්කම් ලේඛන වැඩි දියුණු කිරීම්/අනුකූලතාව සඳහා දෙපාර්තමේන්තු වෙත උපදෙස් ලබා දීම
    • සම්බන්ධීකරණ පළාත් වත්කම් ලේඛනයක් සකස් කිරීම
    • පළාතේ සියලූම වත්කම් සහ වගකීම් හඳුනා ගැනීම
    • ව්‍යවස්ථානුකූලව වත්කම් සහ වගකීම් තක්සේරු කිරීම
    • අවශ්‍යතා අනුව වත්කම් සහ වගකීම් ඉදිරිපත් කිරීම
    • සියලූම වත්කම් සහ වගකීම් තොග ලේඛනගත කිරීම
    • පාවිච්චි කළ නොහැකි සහ ගර්භිත ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස හඳුනා ගැනීම සහ කි‍්‍රයාමාර්ග ගැනීම

 

  • රාජ්‍ය මුල්‍ය ස්ථාවරභාවය සඳහා ඉවහල් වන්නා වූ විධිමත් මුල්‍ය කළමනාකරණ කි‍්‍රයාවලියක් ප‍්‍රවර්ධනය පිණිස රාජ්‍ය ගිණුම් කමිටුවට සහාය ලබා දීම

    • පළාත් ගිණුම් කාරක සභාව විසින් ගනු ලැබූ තීරණ අදාළ දෙපාර්තමේන්තු වෙත සන්නිවේදනය කිරිම
    • පළාත් ගිණුම් කාරක සභාව විසින් ගනු ලැබූ තීරණ අනුව නැවත සකස් කරන ලද මාර්ගෝපදේශ සහ උපදෙස් නිකුත් කිරීම
    • මෙම මාර්ගෝපදේශ සහ උපදෙස් භාවිතය, සමාලෝචනය කිරීම සහ අනුකූලතාව නොදක්වන අවස්ථාවන්හි දී ප‍්‍රතිකාර්ය කි‍්‍රයාමාර්ගයන් ගැනීම
    • අදාළ ගිණුම්කරණ භාවිතයන් සහ ප‍්‍රතිපත්ති හඳුනා ගැනීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීම
    • ජාතික මුල්‍ය කි‍්‍රයාරාමුවේ වෙනස්කිරීම්වලට ගිණුම්කරණ ප‍්‍රතිපත්ති, මාර්ගෝපදේශ සහ භාවිතයන් කි‍්‍රයාත්මක  කිරීම

සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම 2018

supplier register

සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම 2018 Download PDF

මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන

early childhood development programme

ලංසු කැඳවීම

ගැටඹේ ,පේරාදෙණිය සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානය Design and Build ක්‍රමය යටතේ ඉදිකිරීම

Contruction

රාජ්‍ය සේවා කළමනාකරුවන් පිළිබඳ විස්තර (ICT)

නඩත්තු කොන්ත්‍රාත්කරුවන්ගේ නාම ලේඛණය

මූල්‍ය රීති සංග්‍රහය 2008

විදේශ ශිෂ්‍යත්ව හා විදේශ පුහුණු වැඩසටහන්

scholarship program

Training Programs

Visitors

Today40
Yesterday103
This week269
This month1308
Total83766

Visitor IP : 54.167.44.32 Visitor Info : Unknown - Unknown බදාදා, දෙසැම්බර් 13 2017 05:35

Who Is Online

Guests : 23 guests online Members : No members online
Powered by CoalaWeb
Joomla templates by Joomlashine