Homeදෙපාර්තමේන්තුපළාත් සැලසුම් කරණය හා ප‍්‍රගති පාලනය

පළාත් සැලසුම් කරණය හා ප‍්‍රගති පාලනය

PROVINCIAL PLANNING AND MONITORINGපළාත් සැලසුම් ක‍්‍රියාවලියේ හදවත ලෙස ක‍්‍රියාකරනුයේ මධ්‍යම පළාත් සභාවේ පළාත් සැලසුම් හා ප‍්‍රගති පාලන අංශය වේ. මෙය සෘජුවම මධ්‍යම පළාතේ ප‍්‍රධාන ලේකම් යටතේ පවතින අතර සමස්ථයක් වශයෙන් සැලසුම්කරණය ප‍්‍රගති පාලනය සහ ප‍්‍රගති සමාලෝචනය උපජාතික මට්ටමෙන් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ මගින් සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘතින් හි සහ වැඩසටහන් හි ප‍්‍රගති පාලනය සහ ප‍්‍රගති සමාලෝචනය පිළිබඳ වගකීම දරයි. තව දුරටත් මෙම අංශය පළාත් ප‍්‍රගති සමාලෝචන අධීක්‍ෂණ පද්ධතිය පවත්වාගෙනයාම සහ සම්බන්ධිකරණය සඳහා ද මැදිහත් වේ. එමෙන්ම පොදු සහ පෞද්ගලික හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් මෙකි අංශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මෙම අංශය මධ්‍යම පළාතේ ජනතාවට සම්පත් බෙදීයාම සඳහා සමාන ප‍්‍රවේශ ලබාදිම සහතික කිරිම පිණිස පළාතේ සම්පත් බෙදීයාමේ විෂමතාවය මුලිනුපුටා දැමීම සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටු කිරිමට පෙරමුණ ගෙන ක‍්‍රියා කරනු ලබයි.


දැක්ම

සෞභාග්‍යමත් මැදරටක් සඳහා සංවර්ධන සැලසුම්කිරිම

මෙහෙවර

ස්ථිරවුද තිරසාරවුද සංවර්ධනයක් සඳහාමධ්‍යම පළාතේ භෞතික හා මානව සම්පත් භාවිත කිරිම සඳහා උපාය මාර්ග හඳුනා ගැනීම, සංවර්ධන වැඩසටහන් සකස් කිරිම මග පෙන්වීමට යොමු කිරිම හා ඇගයීම

 


ඉලක්ක

  1. සම්පත්පාදක කළමනාකරණය පදනම් කරගත් වාර්ෂික ක‍්‍රියාත්මක සැලැස්ම සකස් කිරිම
  2. සම්පත්පාදක කළමනාකරණය පදනම් කරගත් සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන්හි ප‍්‍රගති පාලනය
  3. සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනිම
  4. පළාත් දත්ත බැංකුව කාර්‍යක්‍ෂමව පවත්වාගෙන යාම
  5. සම්පත්වල බෙදී යාමේ විෂමතාවය අවම කිරිම

අභිප‍්‍රායන්

  • පළාතෙහි සමාජ ආර්ථික සංවර්ධන මුලාශ‍්‍ර පිළිබඳ පුරෝකථනය කිරිම
  • දීර්ඝකාලීන ආංශික සංවර්ධන සැලසුම් සහ පළාත් ආයෝජන වැඩසටහන් සකස් කිරිම
  • පවතින පළාත් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩසටහන් හා උපායමාර්ග හඳුනාගැනිම සහ ඒවායේ ශක්‍යතාවය පිළිබඳ ඇගයීම
  • කළමනාකරණ දත්ත පද්ධතිය භාවිත කරමින් සංවර්ධන කටයුතු අධීක්‍ෂණ කිරිම හා ඇගයීමෙන් සංවර්ධන ඉලක්ක විමර්ශනය කිරිම
  • පළාත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල ප‍්‍රතිපත්ති සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති ඇගයීම සහ ඒවායේ ප‍්‍රතිලාභ, ප‍්‍රතිඵල හා ගැටලූ සමාලෝචනයකිරිම
  • දත්ත සහ තොරතුරු පද්ධතිය යාවත්කාලිනකිරිම තුළින් පළාතෙහි දත්ත අවශ්‍යතාවන් සම්පූර්ණ කිරිම
  • කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ පවත්වාගෙන යනු ලබන මෙහෙයුම් මැදිරි හරහා ප‍්‍රාග්ධන වැඩසටහන් සහ අනෙකුත් විවිධ ක්‍ෂේත‍්‍රයන්හි දත්ත ප‍්‍රදර්ශනය කිරිම.

ප‍්‍රධාන වැඩසටහන්

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය

මධ්‍යම පළාත්සභාවටපැවරී තිබෙන බලතල වලට අනුකූලව, එක්එක් විෂයයන් යටතේ කි‍්‍රයාත්මක කෙරෙන ප‍්‍රතිපත්ති සකස් කිරිමේ දී, සියලූම පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන සම්බන්ධීකරණය හා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළියෙල කිරීම සිදුකරනු ලබන්නේ සැලසුම් හා ප‍්‍රගති පාලන අංශය විසිනි.  වාර්ෂික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සෑම වර්ෂයකදී ම ගරු ආණ්ඩුකාරතුමා විසින් පළාත් සභාවේදී ප‍්‍රකාශයට පත්කරනු ලබන අතර, සියලූම පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන ස්වකීය වැඩසටහන් පිළියෙල කරනු ලබන්නේ එසේ ප‍්‍රකාශිත වූ ප‍්‍රතිපත්තිවලට අනුකූලවය.

ප‍්‍රාග්ධන අය-වැයප‍්‍රකාශය

වාර්ෂික ආදායම් සහ වියදම් ඇස්තමේන්තු කිරීමෙන්අනතුරුව, පළාත් අමාත්‍යාංශ හා ආයතන යටතේ කි‍්‍රයාත්මක කෙරෙන වැඩසටහන් සඳහා ප‍්‍රාග්ධන ප‍්‍රතිපාදන වෙන්කිරීම හා එම ප‍්‍රතිපාදන ආයෝජනය කරන ආකාරය පිළිබඳව අය-වැයප‍්‍රකාශ ය මඟින් ඉදිරිපත් කරනු ලබයි.  මෙම කාර්යයේ දී සියලුම සම්බන්ධීකරණ කටයුතු හා අය-වැය ප‍්‍රකාශය පිළියෙල කිරීම නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (සැලසුම්) සතු කාර්යය භාරයක් වේ.  සෑම වර්ෂයකම ප‍්‍රධාන කාර්තුවේදී, ඉදිරි වර්ෂය වෙනුවෙන් අය-වැය ප‍්‍රකාශය මධ්‍යම පළාත් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ගරු ප‍්‍රධාන අමාත්‍යවරයා විසිනි.

වාර්ෂික සංවර්ධන සැලස්ම - 2013

මහින්ද චින්තන ඉදිරිදැක්මට අනුකූලව රජයේ සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව සහ මධ්‍යම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු විසින් සකස් කර ඇති ජාතික ප‍්‍රතිපත්ති තුළ ක‍්‍රිියාත්මක කරනු ලබන ව්‍යාපෘති හා වැඩසටහන් වලට අනුගත වීම මඟින් ද්විකරණය වළක්වා ගනිමින්, මුදල්කොමිෂන් සභාවේ උපදෙස් පරිශීලනය කරමින් සකස් කරන ලද මධ්‍යම පළාත් ප‍්‍රතිඵල පාදක සංවර්ධන සැලැස්ම අනුව ආයතනික ප‍්‍රතිඵල ක‍්‍රමවේදය යටතේ වාර්ෂික සංවර්ධන සැලැස්ම සකස් කරනු ලබයි.  මෙහිදී පළාත් ඉදිකිරීම් සඳහා Cost-effective Construction Technology උපරිමයෙන් භාවිතා කිරීම ද සිදු කෙරේ.
එමෙන්ම මුදල් කොමිෂන් සභාව විසින් වාර්ෂිකව ලබාදෙන මාර්ගෝපදේශවලට අනුගතව වාර්ෂිකව පළාත් සංවර්ධන සැලැස්ම සකස් කර මුදල් කොමිෂන් සභාවේ එකඟතාවය ලබාගෙන අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මට්ටමෙන් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනු ලැබේ.  
විමධ්‍යගත ප‍්‍රතිපාදන යටතේ ගරු පළාත්සභා මන්ත‍්‍රීවරුන්ගේ සංවර්ධන යෝජනා කි‍්‍රයාත්මක කෙරේ.  විමධ්‍යගත ප‍්‍රතිපාදන, තුලිත ආර්ථික සංවර්ධනය, හා වෙනත් පළාතටයෙදවූ විෂයයන් යටතේ ප‍්‍රධාන ලේකම් කාර්යාලය වෙත ප‍්‍රතිපාදන වෙන්කිරිම සිදු කෙරේ.
 


2013 වර්ෂයේ ප‍්‍රාග්ධන වැඩසටහන සඳහා මුදල් වෙන් වී ඇති ආකාරය පහත දැක්වේ

අනු අංකය පළාත්අමාත්‍යාංශය/ආයතනය ප‍්‍රතිපාදනමුදල (රු.මි.)
01 ප‍්‍රධාන ලේකම් කාර්යාලය 392.30
02 ප‍්‍රධාන අමාත්‍යාංශය 798.70
03 සෞඛ්‍ය අමාත්‍යාංශය 550.00
04 කෘෂිකර්ම අමාත්‍යාංශය 104.50
05 කර්මාන්ත අමාත්‍යාංශය 110.00
06 මාර්ග අමාත්‍යාංශය 161.50
  එකතුව 3570.50

 


සංවිධාන ව්‍යුහය

Provincial Planning Organization Chart Sinhala 


මෙයට අමතරව විදේශාධාර යටතේ කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති පහත සඳහන්වේ

  1. JICA Road Project
  2. JICA Natural Disaster Rehabilitation Project
  3. Small Holder Plantation Entrepreneurship Development Project
  4. Dikoya Hospital - Indian Funds
  5. Teldeniya Hospital

 


ප‍්‍රගති පාලනය හා අධීක්‍ෂණය

මධ්‍යම පළාත්සභා පරිපාලනය යටතේ සිදුවන සියලූම ප‍්‍රාග්ධන ආයෝජනයන් කළමනාකරණය, මධ්‍යම පළාත් සැලසුම් හා ප‍්‍රගති පාලන අංශය වෙත පැවරී ඇත.  වාර්ෂිකව මධ්‍යම පළාතේ ප‍්‍රධාන ලේකම් කාර්යාලය, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන මඟින් සිදුකරන සියලූම ආයෝජන වල ප‍්‍රගතිය අධීක්‍ෂණය හා නියාමන කටයුතු ඉටුකිරීම ප‍්‍රගති පාලන හා නියාමන අංශය මඟින් සිදුකරයි. මෙහි දී ප‍්‍රධාන වශයෙන් පළාත් නිශ්චිත සංවර්ධන ප‍්‍රදාන, උපමාන පාදක ප‍්‍රදාන, විමධ්‍යගත අය-වැය ප‍්‍රතිපාදන, විදේශ ව්‍යාපෘති හා රේඛීය අමාත්‍යාංශ විශේෂිත ප‍්‍රතිපාදන යටතේ සිදුවන ආයෝජන වල ප‍්‍රගතිය අධීක්‍ෂණය කිරීමේ කටයුතු ඉටුකරයි.

මෙසේ ප‍්‍රගති නියාමනය තුළින් ලබාගන්නා දත්තයන් වසරේ ආයෝජනයන් වල ඵලදායිතාවය වැඩිකිරීම සඳහා ඉහළ කළමනාකරණය හා අනෙකුත් ආයතනවෙත ලබා දීම සිදුකිරීම ද මෙම අංශයේ ප‍්‍රමුඛතම කාර්යයකි.  මෙමගින් මධ්‍යම පළාත තුළ සිදුකරන ආයෝජන වල ප‍්‍රතිඵල මැන බැලීම මඟින් ඉහළ ප‍්‍රතිලාභ පළාත් ජනතාව වෙත ළඟාකර දීම අපේක්‍ෂා කෙරේ.


දත්ත බැංකුව

සැලසුම් හා ප‍්‍රගති පාලන අංශයේ පිහිටුවා ඇති දත්ත බැංකුව 1994 වර්ෂයේ ආරම්භ කර ඇති අතර වසර පහකට වරක් යාවත්කාලීන කරනු ලැබේ.  වර්ෂ පහකට වරක් පළාතේ ග‍්‍රාම නිලධාරීන් සම්බන්ධ කරගෙන මූලික දත්ත සමීක්‍ෂණයක් පවත්වනු ලැබේ.
මෙම සමීක්‍ෂණය මඟින් සමාජ, ආර්ථික දත්ත, ජීවදත්ත හා වෙනත් කාලීන දත්ත රැසක් ලබාගෙන ඇත.  ජනගහනය, නිවාස සංඛ්‍යාව, පවුල් සංඛ්‍යාව, රැකියා නියුත්තිය, රැකියා වියුක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, වාරිමාර්ග, ඉඩම් පරිහරණ රටාව, වාරිමාර්ග, තැපැල්, බැංකු හා සමාජ සේවා වැනි අංශ පිළිබඳව මෙමඟින් අවධානයයොමු වී ඇත. දත්ත බැංකුවේ ඇති දත්ත හා තොරතුරු පරිහරණය කිරීම සඳහා සමාජ ආර්ථික සංඛ්‍යාලේඛණ අත්පොතක් ලෙස සකස් කරනු ලැබේ.

නියමිත පරිදි යාවත්කාලීන කරමින් අඛණ්ඩව පවත්වාගෙන යන මෙම දත්ත බැංකුවේ ඇතුළත් තොරතුරු විවිධ ආයතන මඟින්කෙරෙන ඉල්ලීම් මත, සංවර්ධන සැලසුම් පිළියෙල කිරීමේ කටයුතු හා වෙනත් අවශ්‍යතා සඳහා ලබාදේ, දේශපාලන අධිකාරිය, රජයේ විවිධ ආයතන, දෙපාර්තමේන්තු, පළාත්සභාව, බැංකු හා පුද්ගලික ආයතන, විදේශාධාර ව්‍යාපෘති, විශ්වවිද්‍යාල හා පාසල්මේ අතර වේ.  මෙසේ එක් රැස්කොට විශ්ලේෂණය කරන ලද දත්ත හා තොරතුරු ද විවිධ ආයතන වල අවශ්‍යතාවයන් සඳහා ලබාදෙනු ලැබේ.


කඳුරට උදානය

පළාත් සංවර්ධන කටයුතු සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම, තොරතුරු සම්පාදනය හා සමාජානුයෝජනය කිරීම උදෙසා සිදුකරනු ලබන මාධ්‍ය මෙහෙවරකි. "කඳුරට උදානය” පුවත්පත ත්‍රෛමාසික නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ එම අරමුණු උදෙසාය.


මෙහෙයුම් මැදිරිය

මධ්‍යම පළාත පිළිබඳ දත්ත හා තොරතුරු එක්රැස් කිරීම හා එම දත්ත විශ්ලේෂණයකර ප‍්‍රදර්ශනය කිරිම සඳහා නව පළාත් සභා කාර්යාල සංකිීර්ණය තුළ, මධ්‍යම පළාත් සැලසුම් හා ප‍්‍රගති පාලන අංශයේ අධීක්‍ෂණය යටතේ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර ඇත.  බාහිර පාර්ශව වෙත ද විවෘත වන මෙහෙයුම් මැදිරිය මධ්‍යම පළාතේ පමණක් නොව තොරතුරු අපේක්‍ෂා කරන දේශීය, විදේශීය සියල්ලන්ගේ අවශ්‍යතා සඳහා පරිහරණය කිරීමේ පහසුකම් සකසා ඇත.

 


සැලසුම්හා ප‍්‍රගති පාලනඅංශයේ කාර්යය මණ්ඩල තොරතුරු

 අංකය

 නම

තනතුර

දුරකථන අංකය

රාජකාරි

පෞද්ගලික

1

ඇම්.ආර්.ජී.එචි. දසනායක මයා

නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (සැලසුම්)

+94 812 222277

+94 718 039160

2

දමයන්ති කරුණාතිලක මිය

අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන)

+94 812 204192

+94 714 395449

3

ඒ.ඒ.වීරකෝන් මයා

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන)

+94 814 953271

+94 711 570644

4

එස්.කේ.විතානගේ මිය

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන)

+94 814 953270

+94 714 474340

5

ආර්.එම්.එස්.මැණිකේ මිය

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන)

+94 814 953269

+94 712 085155

6

කේ.ඒ.එස්.බී.කොඩිප්පිලි මයා

සහකාර අධ්‍යක්‍ෂ (සැලසුම්)

+94 814 953273

+94 714 429895

7

චන්ද්‍රලතා ජයසිංහ මිය

සහකාර අධ්‍යක්‍ෂ ( ක‍්‍රමසම්පාදන)

+94 814 953282

+94 718 039159

8

කේ.එම්.ජී. කෝණාර මයා

සහකාර අධ්‍යක්‍ෂ ( ක‍්‍රමසම්පාදන)

+94 814 953276

+94 716 440101

9

ආර්.ඩබ්.පිී. රාජපක්‍ෂ මයා

සහකාර අධ්‍යක්‍ෂ ( ක‍්‍රමසම්පාදන)

+94 814 953275

+94 714 395463

10

උපේක්‍ෂි මීදෙණිය මිය

සහකාර අධ්‍යක්‍ෂ ( ක‍්‍රමසම්පාදන)

+94 814 953278

+94 718 588194

11

අනෝජා රත්නායක මිය

සංඛ්‍යාලේඛනඥ

+94 814 953277

+94 714 395692

12

විශාකා වික‍්‍රමතුංග මිය

ප‍්‍රධාන කළමනාකරණ සහකාර

+94 814 953272

+94 716 459868

13

එච්.එම්.එන්.චන්ද්‍රසිරි මයා

කළමනාකරණ සහකාර

+94 813 801313

+94 715 448370

14

ආර්.එම්.එම්.සී. රත්නායක මිය

කළමනාකරණ සහකාර

 

+94 718 267297

15

කේ.එන්.කේ. විීරකෝන් මෙනවිය

කළමනාකරණ සහකාර

 

+94 718 446310

16

ඞී.එම්.ඒ.එස්.දසනායක මෙනවිය

කළමනාකරණ සහකාර

+94 812 222277

+94 779 404771

17

නිල්මිණි විද්‍යාවර්ධන මිය

භාෂා පරිවර්තක

 

+94 714 395360

18

පි‍්‍රයන්ති හංගම්පෝරුව මිය

සහකාර පර්යේෂණ නිලධාරී

 

 

19

චම්පිකා සමරතුංග මිය

සංවර්ධන නිලධාරී

 

 

20

කේ.එම්.යූ.එස්. විජේරත්න මයා

සංවර්ධන නිලධාරී

 

 

21

ආර්.ඒ. ඉන්ද්‍රාණි මිය

සංවර්ධන නිලධාරී

 

 

22

එස්.ඒ.එන්.සුජීවනී මිය

සංවර්ධන නිලධාරී

 

+94 714 489025

23

එස්.එන්.ජේ. ජයනාත් මයා

සංවර්ධන නිලධාරී

 

+94 718 039124

24

එෆ්.එම්. ප‍්‍රැන්සිස් මයා

සංවර්ධන නිලධාරී

 

 

25

ඩබ්.ජී.එන්.එස්. ධර්මවර්ධන මිය

සංවර්ධන නිලධාරී

+94 812 222277

+94 714 395107

26

ටී.සී.එම්.තෙන්නකෝන් මිය

සංවර්ධන නිලධාරී

 

+94 718 039170

27

ඞී.ටී.පී.එම්.එස්. ධනපාල මිය

සංවර්ධන නිලධාරී

 

 

28

අයි.ඒ.එස්.පී. ඉද්දමල්ගොඩ මයා

සංවර්ධන නිලධාරී

 

+94 776 171957

29

කේ.එම්.ටී.එස්.කැකුලන්දර මෙනවිය

සංවර්ධන නිලධාරී

 

+94 718 039172

30

ඩබ්.ජී.පී.එස්. රණතුංග මයා

සංවර්ධන නිලධාරී

 

+94 776 649982

31

කේ.ඒ. ඞී.කේ.ඞී.කොඩිකාර මයා

සංවර්ධන නිලධාරී

 

+94 714 911937

32

ඒ.ඞී.විජේරත්න මිය

සංවර්ධන නිලධාරී

 

 

33

සුමිත් රුවන්ගල මයා

කාර්‍යාල කාර්ය  සහායක

 

+94 716 021229

34

ලක්‍ෂ්මන් සමන් කුමාර් මයා

කාර්‍යාල කාර්ය  සහායක

 

+94 710 801909

35

කේ.ජී.එස්.ඞී.කේ.ගුණවර්ධන මයා

කාර්‍යාල කාර්ය  සහායක

 

+94 712 792363

36

කේ.ඩබ්.පියතිස්ස මයා

රියදුරු

 

+94 718 108603

37

කේ.ඒ.වික‍්‍රමසිංහ මයා

රියදුරු

 

 

38

අනුර දිසානායක මයා

රියදුරු

 

 

සැපයුම් කරුවන්ගේ ලේඛනය 2017

supplier register

සැපයුම් කරුවන්ගේ ලේඛනය 2017 Download PDF

මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන

early childhood development programme

ලංසු කැඳවීම

ගැටඹේ ,පේරාදෙණිය සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානය Design and Build ක්‍රමය යටතේ ඉදිකිරීම

Contruction

රාජ්‍ය සේවා කළමනාකරුවන් පිළිබඳ විස්තර (ICT)

නඩත්තු කොන්ත්‍රාත්කරුවන්ගේ නාම ලේඛණය

මූල්‍ය රීති සංග්‍රහය 2008

විදේශ ශිෂ්‍යත්ව හා විදේශ පුහුණු වැඩසටහන්

scholarship program

Training Programs

Visitors

Today59
Yesterday67
This week59
This month2133
Total71454

Visitor IP : 54.196.105.189 Visitor Info : Unknown - Unknown සඳුදා, අගෝස්තු 21 2017 12:04

Who Is Online

Guests : 22 guests online Members : No members online
Powered by CoalaWeb
Joomla templates by Joomlashine