...
දුරස්ථ මෙහෙයුම් පද්ධතිය

ගෝලීය වශයෙන් ඇතිවූ COVID 19 වෛරස් ව්‍යාප්තිය හේතුකොටගෙන සේවා බෙදාහැරීම සඳහා විවිධ බාධක මතුවූ අතර, එම බාධක ජයගැනීම සඳහා විවිධ ප්‍රවේශයන් භාවිතා කිරීමක් ද දක්නට ලැබුණි. එම පසුබිම තුල තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයට ප්‍රමුඛස්ථානයක් ද හිමි විය. සමීප නොවී දුරස්ථ ප්‍රවේශයන් භාවිතා කිරීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමක් ලොව පුරා දක්නට ලැබුණු අතර සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත දුරස්ථව රාජකාරි ඉටු කිරීම සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මගින්ද උනන්දු කරවන ලදි.

මධ්‍යම පළාත් දුරස්ථ මෙහෙයුම් පද්ධතිය පළාතේ ඹ්නෑම ස්ථානයක වෙසෙන වැසියෙකුට මුහුණපෑමට සිදුවන ප්‍රශ්න සහ ගැටළු මෙන්ම අනෙකුත් අවශ්‍යතා හඳුනාගනිමින් කටයුතු කරනු ලබන සුහදශීලී නව ක්‍රමවේදයකි. එමගින් ස්මාර්ට් දුරකථනයකින් ලෝකයේ ඹ්නෑම ස්ථානයක සිටද, නොමැතිනම් පළාතේ ඔ්නෑම පළාත් පාලන ආයතනයක් සම්බන්ධ කරගනිමින්ද ඔබගේ ගැටළුව ඉදිරිපත් කිරීම අවස්ථාව හිමිවනු ඇත. මෙම ක්‍රමවේදය මගින් පළාත් සභා කාර්යයන් සෘජුවම අදාල කරගනු ලබන අතර මධ්‍යම රජ‌යේ කාර්යයන් ද අදාල පරිදි සම්බන්ධීකරණය කරනු ලබයි.

අප ලද ප්‍රතිචාර