...
තොරතුරු දැනගැනීමේ පනත

 2016 ජූනි 24 වැනි දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ, 2017 පෙබරවාරි 03 වැනි දින සිට අමාත්‍යාංශ සහ රාජ්‍ය අධිකාරීන් සඳහා බලගන්වන ලද 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මහජනතාවට තොරතුරු වෙත ප්‍රවේශවීමට අවස්ථාව ලබාදීම මගින් පොදු අධිකාරීවල විනිවිදභාවය වර්ධනය කිරීමටත් යහපාලනය සඳහා මහජනතාවට වැඩි වශයෙන් සහභාගී වීමටත් අවස්ථාව සලසයි.

 

තොරතුරු නිලධාරීන්

නම්කල නිලධාරී

ජී.එච්.එම්.ඒ.ප්‍රේමසිංහ මහතා
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්
දුරකථනය:  081-2236754
ෆැක්ස්: 081-2239075
විද්‍යුත් ලිපිනය: csecp1@gmail.com

තොරතුරු නිලධාරීන්

අංශය නම තනතුර දුරකථනය විද්‍යුත් ලිපිනය
පාලන ටී.එම්.කේ.රත්නායක මහතා සහකාර ප්‍රධාන ලේකම් (පාලන) 081-2236754 csecp1@gmail.com
පිරිස් පුහුණු ටී.යූ.කේ.සටන්නායක මහත්මිය සහකාර ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) 081-2424697 cpcspt@gmail.com
මුදල් කළමනාකරණ කේ.ඒ.නිරෝෂා දමයන්ති මහත්මිය අධ්‍යක්ෂ (මුදල්) 081-2424694 financedept.cp@gmail.com
සැලසුම් කේ.ඩබ්.සී.පී.කුමාරී මහත්මිය නියොජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) 081-4953267 dcsplanningcpc@gmail.com
ඉංජිනේරු සේවා එස්.ඩී.එල්.සනත්වීර මහතා කාර්මික නිලධාරී 081-2233725 cpdcseng@gmail.com

 

තොරතුරු සැපයීම සඳහා අයකරන ගාස්තු

  තොරතුරු සැපයීමේ ක්‍රමය ගාස්තුව
01 ඉල්ලුම්පත්‍රයක් සඳහා නොමිලේ
02 A4 ප්‍රමාණයේ ඡායා පිටපතක් (පිටුවකට) රුපියල් 2
03 ලීගල් හා A3 ප්‍රමාණයේ ඡායා පිටපතක් (පිටුවකට) රුපියල් 4
04 A3 ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයේ ඡායා පිටපතක් (පිටුවකට) සැබෑ වියදම
05 A4 ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක් (පිටුවකට) රුපියල් 4
06 ලීගල් හා A3 ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක් රුපියල් 4
07 A3 ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක් සැබෑ වියදම
08 ඉල්ලුම්කරුවකු විසින් සපයන ඉලෙක්ට්‍රොනික උපාංගයකට තොරතුරු සැපයීමට එක් අයිතමයක් සඳහා රුපියල් 20
09 ආයතනය විසින් සපයන ඉලෙක්ට්‍රොනික උපාංගයකට තොරතුරු සැපයීම සැබෑ වියදම
10 නිදර්ශන සාම්පල් සැපයීම සැබෑ වියදම
11 ලියවිල්ලක් හෝ විෂයක් පරීක්ෂා කරන්නේ නම් හෝ අධ්‍යයනය කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රුපියල් 50, මුල් පැය නොමිලේ
12 විද්‍යුත් තැපෑල මගින් තොරතුරු සැපයීම නොමිලේ