මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස්වරිය සමග විශේෂ සාකච්ඡාව
2022 June 07
...
© මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිත මහනුවර දිස්ත්‍රික් ජාත්‍යන්තර යෝග දින සැමරුම පිළිබදව වූ විශේෂ සාකච්ජාවක් මහනුවර ඉන්දීය සහකාර කොමසාරිස් වෛද්‍ය අතීරා මහත්මිය හා මධ්‍යම ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා අතර පල්ලෙකැලේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදී සිදු කෙරින. 08 වන ජාත්‍යාන්තර යෝග දිනයට සමගාමිව පැවැත් වෙන මෙම වැඩසටහන මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදී 2022.06.21 දින පෙ.ව.8.30ට පැවැත්වීමට නියමිතය . මේ සදහා පාසල් සිසුන් 200ක් හා රාජ්‍ය නිලධාරින් 100 දෙනෙකු සහභාගී කරගැනීමට සැලසුම් කර ඇත. නිරෝගී පරපුරක් බිහිකිරීම සදහා යෝග අභ්‍යාසවල නිරතවීම කාලීනව වැඩි වැදගත්කමක් ගන්නා අතරම බෝනොවන රෝගාබාධ වලින් ආරක්ෂාවීමට මෙය ප්‍රබල දායකත්වයක් ලබාදෙන බව නුතනයේ පිළිගැනිමයි. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යෝග දින සැමරුම් උත්සවය පැවැත්වේ. මෙම අවස්ථාව සදහා ඉන්දීය සහකාර කොමසාරිස්තුමියගේ පෞද්ගලික ලේකම් කප්තාන් සිං, සම්බන්ධිකරණ ලේකම් දීපිකා හේරත් යන මහත්ම මහත්මීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී විය.