අජිත් ප්‍රේමසිංහ මහතා නව ප්‍රධාන ලේකම් ලෙස වැඩ බාරගනියි
2023 May 19
...
© මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන, මීට පෙර පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරන ලද අජිත් ප්‍රේමසිංහ මහතා 2023.05.19 දින මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස වැඩ බාරගන්නා ලදි. ඒ මහතා එසේ වැඩ බාරගන්නා ලද්දේ වසර තුනකට ආසන්න කාලයක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද ගාමිණී රාජරත්න මහතා 2023.05.16 දින විශ්‍රාම යාමෙන් අනතුරුවයි.