ගෙවීම් සහ ගිණුම් අංශය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) කාර්යාලය
මධ්‍යම පළාත් සභාව
දුරකථනය
812424693
ෆැක්ස්
812424692
ලිපිනය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ
විද්‍යුත් තැපෑල
directoraccp@gmail.com

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) යටතේ පවතින ගිණුම් සහ ගෙවීම් දෙපාර්තමේන්තුව ගිණුම් අංශය සහ ගෙවීම් අංශය යනුවෙන් කොටස් දෙකකි.

ගිණුම් අංශය මගින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තීන්ට හා ගිණුම්කරණ ප්‍රතිපත්තීන්ට අනුකූලව පළාත් සභාව සඳහා අරමුදල් රැස් කිරීම, ගිණුම් ඒකකයන්ට නිකුත් කිරීම, අතිරික්ත අරමුදල් ආයෝජනය ඇතුළු අරමුදල් පරිපාලනය කිරීම සහ පළාතේ සියළු ගිණුම් ඒකක මගින් ගිණුම්කරණ දත්ත රැස් කිරීම, වාර්තාකරණය, පවත්වා ගැනීම, වාර්ෂික ගිණුම් වාර්තා පිළියෙල කිරීම, අදාල අංශ වෙත ඉදිරිපත් කිරීම සහ ප්‍රසිද්ධ කිරීම සිදුකරනු ලබයි

ගෙවීම් අංශය මගින් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළු ගෙවීම් කටයුතු සහ ඊට අදාලව වාර්ෂික විසර්ජන ගිණුම් සහ ඊට අදාලව වාර්ෂික විසර්ජන ගිණුම් සහ අත්තිකාරම් බී ගිණුම් සැකසීම, කාර්යාල දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ කටයුතු, වාර්ෂික භාන්ඩ සමීක්ෂණ කටයුතු සහ විගණකාධිපති විසින් ප්‍රධාන ලේකම් කාර්යාලයට අදාලව නිකුත් කරන ලද විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීමේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබේ.