...
සිංගල් ට්‍රී නිවාඩු නිකේතනය

නුවරඑළිය සිංගල් ට්‍රී කඳු මුදුනේ, නිස්කලංක සහ ආකර්ෂණීය පරිසරයක පිහිටි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් සිංගල් ට්‍රී සංචාරක බංගලාව, නුවරඑළිය නගර මධ්‍යයේ සිට විනාඩි දහයක පමණ කෙටි කාලයකින් ප්‍රවේශ විය හැකි වේ.

රජයේ නිලධාරීන්ට මෙන්ම මහජනතාවටද මෙම සංචාරක බංගලාව කාමර වශයෙන් හෝ සම්පූර්ණ බංගලාවම වශයෙන් සහනදායී මිලගණන් යටතේ වෙන්කරගත හැකි අතර, නාන කාමර පහසුකම් සහිත කාමර තුනක්, උණුවතුර පහසුකම් සහිත පොදු නාන කාමරයක්, නවීන මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, දර්ශණීය ඉදිරිපස මිදුලක් සහ වාහන නැවැත්වීමේ පහසුකම් මෙහිදී ඔබට ලබාගත හැක.

...

ඔබට ලැබෙන පහසුකම්

මුළුතැන්ගෙය
ශීතකරණය
රෙදි සෝදන යන්ත්‍රය
සම්බන්ධිත නාන කාමර
උණුවතුර
ඉදිරිපස මිදුල
පරිශ්‍රය තුලම වාහන නැවැත්වීම

ගාස්තු

වෙන් කරන පාර්ශවය අප්‍රේල් / අගෝස්තු / දෙසැම්බර් මාස සඳහා (Season)  අනෙකුත් මාස සඳහා (Off Season)
 එක් කාමරයක් සම්පූර්ණ නිකේතනයම  එක් කාමරයක්   සම්පූර්ණ නිකේතනයම 
ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් 4,000  14,000  2,500  9,000
රජයේ සේවකයින් 6,000  21,000  3,750  13,500
බාහිර පුද්ගලයින් 8,000  28,000  5,000  18,000

 

අයදුම්පත්‍රය

නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා  csecp1@gmail.com විද්‍යුත් ලිපිනය හෝ 070-4702500 Whatsapp අංකය වෙත යොමු කරන්න.


මුදල් ගෙවීම

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සඳහා ප්‍රධාන ලේකම් අනුමැතිය ලැබීමෙන් අනතුරුව පහත ගිණුමට අදාල මුදල බැර කර, රිසිට් පත නැවතත් 070-4702500 Whatsapp අංකය වෙත යොමු කරන්න.

  • ගිණුම් හිමියාගේ නම    -     මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්
  • ගිණුම් අංකය                 -     33762

අවලංගු කිරීම

වෙන් කරගත් දින සංචාරක බංගලාව භාවිතා නොකරන්නේ නම්, ඒ බව වෙන් කරගත් දිනට, සතියේ වැඩ කරන දින 07 කට පෙර නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) වෙත දැන්විය යුතුය. අවලංගු කිරීම් වෙනුවෙන් කිසිම හේතුවක් නිසා මුදල් ආපසු නොගෙවන අතර,  ඒ දිනය වෙනුවට අදාල වර්ෂය අවසන් වීමට පෙර ඉඩ ඇති වෙනත් දිනයක් ලබා දීමට සළකා බලනු ඇත.


කොන්දේසි

  • අයදුම්කරු සංචාරක බංගලාවේ අනිවාර්යෙන් නවාතැන් ගැනීම කළ යුතු වේ.
  • ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් අනුමත කරන ලද අයදුම්පත හා මුදල් ගෙවන ලද කුවිතාන්සියේ මුල් පිටපත බංගලා භාරකරු වෙත අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය.
  • සංචාරක බංගලා භූමියේ ඇති භෞතික දේපලවලට, භූමි අලංකරණයන් සදහා හානි නොකළ යුතු අතර, එවැනි අලාභයන් සඳහා වටිනාකම ඔබගෙන් අයකිරීමට කටයුතු කරනු ලැබේ.
  • බංගලාවේ පවතින පහසුකම් අනුව රඳවා තබාගත හැකි උපරිම  නේවාසිකයින් සංඛ්‍යාවට අමතරව නේවාසිකයින් රැගෙන නොයා යුතුය.
  • මෙම බංගලාවේ උත්සව හා සම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් වේ.
  • ජලය හා විදුලිය අරපරිස්සමින් පාවිච්චි කළ යුතුය.

වැඩිදුර විමසීම්

081-4953245  /  070-4702500