warning
தமிழ் மொழிபெயர்ப்பு இல்லை
සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම පිළිබදව පුහුණු වැඩසටහන
2022 June 10
...
© மத்திய மாகாண ஊடக அலகு
warning
தமிழ் மொழிபெயர்ப்பு இல்லை

පළාත් රාජ්‍ය ආයතන පද්ධතිය මගින් මහජනතාව වෙත වඩා ප්‍රශස්ථ සේවාවක් ලබාදීම අරමුු කරගනිමින් රාජ්‍ය නිලධාරීන්ගේ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සඳහා මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය මගින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහනක් 2022 ජූනි මස 10 වන දින එම ආයතනයේදී පැවැත්විණි.

පළාත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් මෙහෙයුම් මට්ටමේ නිලධාරින් මේ සඳහා සහභාගී වූ අතර ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රධාන ලේකම් ඉඳුමිනි මැණික්දිවෙල මහත්මිය විසින් මෙහි සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් මත මෙම සියලු පුහුණු වැඩසටහන්වල සම්පත්දායක දීමනා , ආහාර පාන හා ලිපිද්‍රව්‍ය ලබාදීමකින් තොරව පැවැත්වීමට කටයුතු යොදා පැවතුනි.