warning
தமிழ் மொழிபெயர்ப்பு இல்லை
පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම
2022 August 02
...
© மத்திய மாகாண ஊடக அலகு
warning
தமிழ் மொழிபெயர்ப்பு இல்லை

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ඉදිකරන ලද මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් නව කාර්යාල ගොඩනැගිල්ල මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතාගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා විසින් අද දින (02) විවෘත කරන ලදී.

මේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් එස්.බී. රත්නායක මහතා, මාතලේ දිස්ත්‍රික් ලේකම්, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්, මාතලේ ප්‍රාදේශීය ලේකම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතලේ සහ දඹුල්ල ඩිපෝ අධිකාරිවරුන් සහ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන්ද සහභාගී විය