warning
English translation not available
නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් තිදෙනෙකු පත්වීම් ලබයි
2023 January 02
...
© Central Province Media Unit
warning
English translation not available

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් තිදෙනෙකු පත් කිරීම 2023 ජනවාරි 02 වන දින මධ්‍ය්‍ම පළාත් ගරු ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතා විසින් සිදුකරන ලදි.

ඒ අනුව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස මීට පෙර පළාත් ඉඩම් කොමසාරිස් ලෙස කටයුතු කල ජගත් අධිකාරී මහතාද, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ලෙස මීට පෙර අධ්‍යක්ෂ (අයවැය) ලෙස කටයුතු කල ජී.යූ.කේ.ඒකනායක මහතාද, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ලෙස මීට පෙර පළාත් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලද ඩබ්.ඒ.වික්‍රමසිංහ මහතාවද පත්කරන ලදි.

පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාද, ආණ්ඩුකාර ලේකම් එම්.ඩබ්.එම්.එම්. මඩහපොල මහත්මියද සහභාගී විය