...
නීති ඒකකය
ලිපිනය
නීති නිලධාරී, ප්‍රධාන ලේකම් කාර්යාලය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ

කාර්යභාරය

මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන විසින්,

  • එම ආයතන වලට විරුද්ධව පැවරෙන නඩු සම්බන්ධයෙන් නීති සහය ඉල්ලා සිටින විටදී ඒ සඳහා අවශ්‍ය  නීති සහාය නීති නිලධාරී / නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • එම ආයතන විසින් වෙනත් පාර්ශවයන්ට එරෙහිව නඩු පැවරීමට නීති සහය ඉල්ලා සිටින විටදී ඒ සඳහා අවශ්‍ය  නීති සහාය නීති නිලධාරී / නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තු පෙත්සම්කාරක සභාව වැනි අර්ධ අධිකරණමය ආයතන හමුවේ පෙනී සිටීම සඳහා නීතීඥ සහාය ඉල්ලා සිටින අවස්ථාවක පළාත් සභාවේ නීති නිලධාරී මගින් නීති සහාය ලබාදීමට කටයුතු කිරීම.
  • පරිපාලනමය කාර්යයන්වලදී පැන නගින ගැටළු සම්බන්ධයෙන් නීති උපදෙස් ඉල්ලා සිටින විටදී අවශ්‍ය නීති උපදෙස් ලබාදීම.
  • ප්‍රඥප්ති කෙටුම්පත්කරණය සඳහා නීතිමය සහාය ලබාදීම.
  • ගිවිසුම් හා අනෙකුත් නීතිමය ලේඛන සකස් කිරීම සැකසීම සඳහා නීතිමය සහාය ලබාදීම.
  • නීතිපති දෙපාර්තමේන්තුව විසින් හෝ පෞද්ගිලික නීති සහාය ලබාගැනීම වෙනුවෙන් බිල්පත් ඉදිරිපත් කරන අවස්ථාවකදී එම බිල්පත් ගෙවීම සඳහා අදාල ආයතන වෙත යොමු කිරීම.

කාර්යමණ්ඩලය

  තනතුර වැටුප් කේතය අනුමත සිටින
1 ප්‍රධාන නීති නිලධාරී SL1 1 0
2 නීති නිලධාරී SL1 3 3
3 සංවර්ධන නිලධාරී MN4 3 2
4 කළමනාකරණ සේවා නිලධාරී MN2 2 0
3 කාර්යාල කාර්ය සහායක PL1 1 1