විගණන දෙපාර්තමේන්තුව
ප්‍රධාන ලේකම් කාර්යාලය
මධ්‍යම පළාත් සභාව
දුරකථනය
812233134
ෆැක්ස්
812073335
ලිපිනය
A කොටස, දෙවන මහල, පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ, කුණ්ඩසාලේ
විද්‍යුත් තැපෑල
cpcauditdep@gmail.com

මධ්‍යම පළාත් සභාවේ මනා යහපාලනයක් තුල කාර්යක්ෂම හා ඵලදායී සේවාවන් ලබාදීමට ප්‍රධාන ලේකම්ට සහාය වීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්ගේ අධීක්ෂණය යටතේ පළාත් විගණන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, සභා ලේකම් කාර්යාලය, ප්‍රධාන ලේකම් කාර්යාලය, පළාත් සභාවේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු, පළාත් සභාවට අයත් කොමිෂන් සභා, පළාත් පාලන ආයතන, ප්‍රඥප්ති යටතේ පිහිටුවා ඇති ආයතන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පළාත් සභාවට අදාල කාර්යයන් පිළිබඳව අභ්‍යන්තර පාලන ක්‍රම සොයා බලා වැරදි හා වංචාවන් වළක්වා ගැනීමටත් සංවර්ධන ව්‍යාපෘති හා සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය නිශ්චය කර ගැනීමටත් ප්‍රධාන ලේකම්වරයාට සහාය වීම පළාත් විගණන දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි

අරමුණු

  1. ආයතනවල අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රියාවලියෙහි පවතින අවදානම් හඳුනා ගැනීම සහ එම අවදානම් අවම කර ගැනීම කෙරෙහි ඉහල කළමනාකාරීත්වයේ අවධානය යොමුකරවීම
  2. නීති, නියමයන්, රෙගුලාසි සහ ක්‍රියාපරිපාටිවලට අවනත බව විමර්ශනය කිරීම
  3. එක් එක් ආයතනවල සියළුම ගණුදෙනුවල අභ්‍යන්තර පාලන පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක වීම විමර්ශනය කිරීම
  4. මධ්‍යම පළාත් සභාව යටතේ ඇති එක් එක් ආයතන සතු වත්කම් හා දේපළ ආරා කිරීමට යෝග්‍ය ආරක්ෂක විධිවිධාන යොදා ඇති බව විමර්ශනය කිරීම හා තහවුරු කිරීම
  5. මූල්‍ය ප්‍රකාශනවල විශ්වාසනීයත්වය තහවුරු කිරීම
  6. නිවැරදි විය යුතු නීති නියමයන්, රෙගුලාසි ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි පිළිබඳ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දීම

කාර්යයන්

  1. වැරදි හා වංචා වැලැක්වීම සඳහා ආයතනය තුල ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය, සැකසීම අතින් මෙන්ම තත්‍ය ක්‍රියාකාරීත්වය අතින්ද සාර්ථකදැයි සොයා බැලීම
  2. ගිණුම් හා වෙනත් වාර්තාවල විශ්වාසනීය භාවය නිශ්චය කිරීම හා යොදාගෙන ඇති පිළිගත් ගිණුම්කරණ පිළිවෙත් මගින් නිවැරදි මූල්‍ය ප්‍රකාශයක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේදැයි සොයා බැලීම
  3. කාර්ය මණ්ඩලයට පවරා ඇති වගකීම්, ඉටු කිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයේ ගුණාත්මක භාවය ඇගයීම
  4. ආයතන සංග්‍රහය, පළාත් මූල්‍ය රීති, ආණ්ඩුකාරවරයා විසින් අදාල කරගනු ලබන පරිපාටි අදාල පරිදි රාජ්‍ය පරිපාලන, භාණ්ඩාගාර හා වෙනත් චක්‍රලේඛ හා උපදෙස් පිළිපදිනු ලැබේදැයි සොයා බැලීම.
  5. නාස්තිය නිශ්කාර්ය ධාරිතාව හා අරපිරිමැස්මෙන් තොරව කෙරෙන වියදම් වැලැක්වීමට මෙන්ම ඒවා අනාවරණය කර ගැනීමට ගෙන ඇති අභ්‍යන්තර පාලන ක්‍රමයේ සාර්ථකත්වය සොයා බැලීම
  6. අවශ්‍ය අවස්ථාවලදී විශේෂ විමර්ශණ පැවැත්වීම
  7. සෑම මුදල් වර්ෂයක් වෙනුවෙන්ම පළාත සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන වැඩසටහනක් පිළියෙල කොට ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලබාගෙන ගරු ආණ්ඩුකාරතුමාටත් පිටපතක් සහිතව විගණකාධිපති වෙත යැවීම සහ එම වැඩසටහන අනුව වාර්ෂික අභ්‍යන්තර විගණන කටයුතු මෙහෙයවීම.
  8. අභ්‍යන්තර විගණන පරීක්ෂණ ඇසුරින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා ගණන් දීමේ නිලධාරීන් පදනම් කරගෙන සකස් කරන ලද ත්‍රෛමාසික වාර්තාවක් සකස් කර ඊලඟ කාර්තුව අවසාන වීමට පෙර විගනකාධිපතිට හා ප්‍රධාන ලේකම්ට පිටපතක් සහිතව ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීම.
  9. පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ සහ අභ්‍යන්තර විගණන ඒකකවල කාර්ය මණ්ඩලයට අවශ්‍ය දැනුම, නව තාක්ෂණය සහ ශිල්පීය ක්‍රම හඳුන්වාදීම සඳහා නිරන්තරයෙන් පුහුණු කිරීම් සංවිධානය කිරීම
  10. අභ්‍යන්තර විගණන කටයුතු සම්බන්ධව අන්තර් පළාත් සභා සමග සම්බන්ධීකරණ කටයුතු කිරීම
  11. අභ්‍යන්තර පාලනය දුර්වල ආයතනවල අභ්‍යන්තර පාලන ක්‍රමයක් ශක්තිමත් කිරීම සඳහා ගණන්දීමේ නිලධාරීන්ට, ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ට අවශ්‍ය මගපෙන්වීම් නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම

මහජන අදහස්, යෝජනා හා පැමිණිලි සඳහා

cpcauditcomplains@gmail.com