...
Vehicle Import Permits
[ தமிழ் மொழிபெயர்ப்பு இல்லை]

සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍රයක් ලබාගැනීම සදහා අයදුම්පත් ඉදිරිපත් කරන නිලධාරින්ට උපදෙස් 
(මේ සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 සහ එහි සංශෝධන අදාල වේ)

 

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 හි ඇමුණුම් III යටතේ නිකුත් කර ඇති අයදුම්පත පහත උපදෙස් පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුය.

අයදුම්පත්‍රය බාගත කරගන්න

  1. පලමු වරට බලපත්‍රයක් ලබාගැනීමට ඉල්ලුම් කරන්නේ නම් පත්වීම් දින සිට වසර 06 ක් ද, දෙවන තුන්වන ආදී ඊලඟ වාර සඳහා නම් අවසන් වරට ලබාගත් බලපත්‍රය නිකුත් කර ඇති දින සිට හෝ එම බලපත්‍රයට අදාල අයදුම්පත ප්‍රධාන ලේකම් විසින් අනුමත කර ඇති දින සිට වසර 05ක් ද වශයෙන් අයදුම්පත ඉදිරිපත් කරන දිනට සේවා කාලය  සම්පූර්ණ කර තිබිය යුතුය.
  2. අයදුම්පත්‍රයෙහි අංක 01 සිට 07 දක්වා නිලධාරියා විසින් නිවැරදිව සම්පූර්ණ කල යුතුය.
  3. අයදුම්පතෙහි E කොටසෙහි අත්සන් තබා දිනය යෙදිය යුතුය. (අත්සන් තබන දිනට ඉහත 1 හි සඳහන් පරිදි සේවා කාලය සම්පූර්ණ කර තිබිය යුතුය)
  4. අයදුම්පතෙහි අංක 6.12 හි සේවා කාලය සටහන් කිරීමේදී නිලධාරියා E කොටසේ අත්සන් තබන දිනය දක්වාම වන සම්පූර්ණ සේවා කාලය පිළිබඳව සඳහන් කර තිබිය යුතුය.
  5. අයදුම්පත සමග පහත ලියවිලි ඇමුණුම් ලෙස ඉදිරිපත් කල යුතුය.
    1. බලපත්‍රය ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන තනතුරෙහි, මුල් පත්වීම් ලිපියේ සහ ස්ථීර කිරීමේ ලිපියේ සහතික කරන ලද පිටපත
    2. මුල් පත්වීම් ලිපියේ දිනය හා ස්ථීර කිරීමේ දිනය අතර වෙනසක් පවතී නම් ඊට හේතු (වැඩභාරගැනීමේ ලිපිය හෝ එම දින අතර වෙනසට හේතු තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියවිලිවල සහතික කරන ලද පිටපත්)
    3. සීමාවාසික පුහුණු සහතිකයෙහි සහතික කල පිටපත (වෛද්‍යවරුන් සඳහා පමණක් අදාල වේ)
    4. අවසන් වරට ලබාගන්නා ලද බලපත්‍රයෙහි සහතික කරන ලද පිටපත හෝ එම බලපත්‍රය නිකුත් කිරීම සඳහා ප්‍රධාන ලේකම් විසින් අනුමත කරන ලදි අයදුම්පතෙහි සහතික කරන ලද පිටපත.
    5. ජාතික හැඳුනුම්පතෙහි සහතික කරන ලද පිටපත